පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යලි රැස්වෙයි

2019-06-13 at 06:32

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සෙවීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි රැස්වනවා.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා / හිටපු පොලිස්පති එන් කේ ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වත්මන් ලේකම්  රත්නසිරි යන මහත්වරුනුයි අද කාරක සභාව හමුවේ සාක්ෂි දීමට කැඳවා ඇත්තේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු / අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර / වත්මන් ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ / ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා / හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් / බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි / සමස්ත ලංකා ජමෙයතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා මේ වනවිට කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබෙනවා.