පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

2018-09-14 at 13:34

හැටන් මස්කෙළිය ප්‍රදේශයේදී පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවි තිඛෙනවා. මස්කෙළිය සමන්එළිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල් ක්‍රිඩාංගණය තුල ක්‍රිඩා කරමින් සිටියදීයි අද දහවල් මෙම ඹබර ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

එහිදී තුවාල ලැබූ පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බව නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියා.

මෙම සිද්ධිය හේතුවෙන් හැටන් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය පරිදි මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලය තාවකාලිකව වසා දමා තිඛෙනවා.

Please follow and like us: