පාසල් ළමුන් බහුතරයකට තාමත් නිළ ඇඳුම් නෑ – ලංකා ගුරු සංගමය
2021-04-08 at 15:26

පළමු පාසල් වාරය හෙට දිනයෙන් අවසන්වීමට නියමිතව ඇතත් දිවයිනපුරා පාසල් දරුවන් බහුතරයකට මේ දක්වා නිළ ඇඳුම් ලැබී නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව එල්ල කළා.
