පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5ක් ඇප මත මුදා හැරේ
2020-11-24 at 14:58

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුලු සැකකරුවන් 5 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
මඩකලපුව මහාධිකරණය නියම කර ඇත්තේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරීමටයි.
2005 වර්ෂයේදී නත්තල් දේව මෙහෙයකට සහභාගීවෙමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
