පුද්ගලයින් 7131 ක් තවදුරටත් නිරෝධායනයේ

2021-01-17 at 08:55

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුල පුද්ගලයින් 7131 දෙනෙක් තවදුරටත් නිරෝධායන වෙමින් පසුවනවා.

අද දිනය වන විට කොවිඞ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 52 312 දෙනාගෙන් මේ වන විට පුද්ගලයින් 44 දහස් 745 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

මේ අතර රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ තවත් පුද්ගලයින්7 311 ක් ප්‍රතිකාර ලබන බවද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත්කල නිවේදනයක සදහන්.

මේ අතර අද උදාසන විදේශයන්හි සිට පුද්ගලයින් 503 ක් මෙරටට පැමිිණ තිබෙනවා.

ඒ මාලදිවයිනේ සිට පුද්ගලයින් 23 ක් /කටාර් සිට 36 ක්/ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 369 ක් / ඔස්ටේ‍රලියාවේ සිට පුද්ගලයින් 29 ක් සහ ජපානයේ සිට පුද්ගලයින් 46 දෙනකු ලෙසයි.

තවද අද දිනය තුළ විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 161 දෙනකු දිවයිනට පැමිණීමට නියමිතයි.

මොවුන් සියලු දෙනාද නිරෝධායන කටයුතු සදහා යොමු කරවීමට කටයුතු සූදානම් කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.