පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන කාටද ? තීරණය හෙට

2019-12-11 at 06:46

රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා සුදුසුකම් ලබන පුද්ගලයාගේ නාමය හෙට දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන බව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසනවා.

මීට අදාල දැනුම්දීම මැතිවරණ කොමිෂන් සභාව විසින් තමන් වෙත යොමුකර ඇති බවයි තේරීම්භාර නිළධාරිනිය නිවුස් රේඩියෝවට කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමින් මන්ත්‍රීධූරය සඳහා සුදුසු නාමය තමන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවද මාලනී ලොකුපෝතාගම මහත්මිය වැඩිදුරටත් සඳහන් කලා.