පුවත් මවන්නෙකු නොවී ජනාධිපතිවරණය ඉක්මනින් කැඳවන්නැයි අරුන්දික මැ.කොස ගෙන් ඉල්ලයි

2019-09-12 at 14:55

මැතිවරණ කොමසමේ සභාපතිවරයා මේ දිනවල පුවත් මවන්නෙකු බවට පත්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ කොළඹ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ජනාධිපතිවරණය කැඳවීමේ නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කොමිසමේ සභාපතිවරයා පියවර ගත යුතු බවද අරුන්දික ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියා.