පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාධිතයෙකු පළායයි – දෙවන රැල්ලේදී 14 ක් පළාගිහින්

2021-01-20 at 06:22

වාලච්චේන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාධිතයෙකු ඉන් පළාගොස් තිබෙනවා.

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ බේකරියක සේවකයෙකු ඊයේ රාත්‍රී 07 යි 30 ට පමණ මෙලෙස පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කොවිඩ් දෙවන රැල්ල ආරම්භවීමත් සමග මෙලෙස පළාගිය ආසාධිතයන් සංඛ්‍යාව 14 ක් බව පොලිසිය ප්‍රකාශ කලා.

ඊයේ පළාගිය ආසාධිතයා පිඵිබඳ තොරතුරක් වෙතොත් දැනුම්දිය හැකි දුරකථන අංක සම්බන්ධයෙන්ද අජිත් රෝහන මහතා කරුණු දැක්වූවා.