පොලිස් බල ප්‍රදේශ 49 ක ඇඳිරි නීතිය

2020-10-24 at 06:15

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පණවනු ලැබුවා.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලූත්ගම ප්‍රදේශ සඳහා ලබන සඳුදා උදාසන 5 දක්වා ද නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 05 ක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා ගම්මාන ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල සහ මාකලන්දාව යන ග්‍රාමසේවා වසම් එලෙස හුදෙකලා ගම්මාන ලෙස නම් කෙරුණා.

මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 49 කට ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.