පොලිසිය ඇතුලේදී සැමියාගෙන් බිරිඳට පිහි පහරක්

2019-02-12 at 17:25

වෙන්නප්පුව පොලිස් ස්ථානය තුලදී සිය සැමියා විසින් තියුණු ආයුධයකින් කල පහරදීමකින් කාන්තාවක් තුවාල ලබා තිඛෙනවා.

වයික්කාල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක පදිංචිව සිටි යුවලක් පෞද්ගලික ආරවුලක් විසදා ගැනීම සදහා වෙන්නප්පුව පොලිස් ස්ථානයට පැමිණී අවස්ථාවේදයිී මෙම පහරදීම සිදුව ඇත්තේ.

කාන්තාවට පහරදුන් සැකකරු පොලිස් භූමියෙන් පිටතට පැනයාමට උත්සහ කිරීමේදී පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ගෙල ප්‍රදේශයේද ඇතුලුව කැපුම් තුවාල ලබා සිටි කාන්තාව ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හෙට මාරවිල මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.