පොහොට්ටුව ලකුණ වෙනස් වුනොත් දැඩි දේශලපාලන තීන්දුවක් ගන්නවා- පියල් නිෂාන්ත

2019-09-12 at 14:48

PIYAL NISHANTHA

කුමන හෝ හේතුවක් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාංඡනය වන පොහොට්ටුව වෙනස් කළහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිෂාන්ත මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ කොළඹ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.