පොහොට්ටු – නිදහස් පක්ෂ දෙවන සාකච්ඡාව අද

2019-03-21 at 05:57

පොදු සන්ධානයක් ගොඩ නැගීමට අදාලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර දෙවැනි සාකච්ඡා වටය අද පැවැත්වෙනවා.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

නිව්ස් රේඩියෝ කළ විමසීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ පළමු සාකච්ඡා වටය මෙන්ම මෙම සාකච්ඡා වටයද සාර්ථක වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.