පෞද්ගලික බස් සංගම් සමග ලංගම හෙට සාකච්ඡාවක

2020-11-26 at 16:05

හෙට දිනයේ දී සියලූම පෞද්ගලික බස්රථ ප්‍රවාහන සංගම් සමග ලංකා ගමනාගමන මණ්ඩලය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

ලබන සඳුදා දින සිට සියලූම පෞද්ගලික බස් රථ හා ලංගම සියලූම බස් රථ කොවිඞ් 19 වසංගතය ඇති වීමට පෙර තිබු ආකාරයෙන් ම ධාවනයේ යෙදවීමට අවශ්‍ය තීන්දුවක් ගැනීමට නියමිත බවයි ඔහු කියාසිටියේ.

සිසු සැරිය සඳහා යොදවන බස්රථ ප්‍රමාණය අඩු වුවහොත් එකී අඩුව පිරවීම සඳහා පෞද්ගලික බස්රථ ලබා ගැනීමට නියමිත බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා ප්‍රකාශ කලා.

මේ වන විටත් සිසු සැරිය බස්රථ 375 ක් බස්නාහිර හැර දිවයිනේ අනිකුත් ප්‍රදේශ වල ධාවනයට යොමුකර ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.

එමෙන්ම, අද දිනයේ ගත් තීරණයකට අනුව ඒ ඒ ප්‍රදේශ වලට යෙදවිය යුතු අවශ්‍ය බස්රථ ප්‍රමාණය පිළිබඳව තීරණ ගැනීමට ඩිපෝ කළමනාකරුවන්ට අවසර ලබා දුන් බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කලා.