බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා රෝගීන් 17 ක්

2021-01-17 at 11:09

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාධිතයන් 17 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

පිරිමි රැදවියන් 16 දෙනෙකු සහ නිළධාරීන් එක් අයකු ඒ අතර වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගත් කොවිඩ් ආසාධිතයින්ගේ සමස්ථ එකතුව 4310 දක්වා ඉහළ යනු ඇති.

වැලිකඩ බන්ධනාගාරයේ 881 දෙනෙක් / මැගසින් බන්ධනාගාරයේ 863 දෙනෙක් / මහර බන්ධනාගාරයේ 814 දෙනෙක් / කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 429 ක් සහ මීගමුව බන්ධනාගාරයේ 363 දෙනෙකු ආසාධිතයන් අතර වනවා.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් මේ වනවිට රැදවියන් 3945 දෙනෙකු සහ නිළධාරීන් 123 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රැඳවියන් 223 දෙනෙක් සහ නිළධාරීන් 09 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.