බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාධිත රැදවියන් 4271 දක්වා ඉහළට

2021-01-13 at 15:59

තවත් බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු කොරෝනා ආසාධිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම පිරිමි රැදවියන් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගත් කොවිඩ් ආසාධිත රැදවියන්ගේ සමස්ථ එකතුව 4271 දක්වා ඉහළ යනු ඇති.

වැලිකඩ බන්ධනාගාරයේ 880 දෙනෙක් / මැගසින් බන්ධනාගාරයේ 854 දෙනෙක් / මහර බන්ධනාගාරයේ 812 ස් දෙනෙක් / කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ 425 ක් සහ මීගමුව බන්ධනාගාරයේ රැදවියන් 350 දෙනෙකු ආසාධිතයන් අතර වනවා.

බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් මේ වනවිට රැදවියන් 3805 ස් දෙනෙකු සහ නිළධාරීන් 121 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රැඳවියන් 328 දෙනෙකු සහ නිළධාරීන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.