බස්නාහිර පොලිස් නිලධාරීන් 15 කට කොරෝනා – 804 ක් නිරෝධායනයට – කළුබෝවිල රෝහලේ ENT වෛද්‍යවරයකුටද කොවිඞ්

2020-10-28 at 07:21

අද දිනය වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 15 කට කෝවිඞ් 19 රෝගය ආසාදනය වී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 96 ක් වන අතර නිලධාරීන් 708 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කරගෙන තිබෙනවා.

ඔහුගේ ආශ්‍රිත නිලධාරීන් 23 ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි පොලිසිය සඳහන් කලා.

වෙරළබඩ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ තවත් නිලධාරියෙකුටද කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

මේ අතර කළුබෝවිල රෝහලේ උගුර – කණ – නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුටද කොවිඞ් වෛරසය ආසාධනය වී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කලා.