බස්නාහිර වැටලීමෙන් සැකකරුවන් 205ක් අත්අඩංගුවට

2020-10-24 at 07:47

බස්නාහිර පලාත තුල ඊයේ පෙරවරු 06 සිට අද අලුයම 05 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ වැටලීම් වලදී සැකකරුවන් 205 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාව යටතේයි.

එම සංඛ්‍යාව 53 ක්.

ගංජා ලග තබා ගැනීමට සම්බන්ධ 38 ක් / නීති විරෝධී මත්පැන් ලග තබා ගැනීමට සම්බන්ධ 72 ක් / ගෝඩා සහ අයිස් ලග තබා ගැනීමට සම්බන්ධ 19ක් සහ වෙනත් වැටලීම් සම්බන්ධ 23 ක්ද ඒ අතර වන බවයි බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කලේ.