බැදුම්කරය යට ගැසීමට එජාපය කටයුතු කරන් නෑ – මුජිබුර්

January 12, 2019

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙණුවට අදාල පරික්ෂණ යටගැසීමට හෝ මග හැරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා.

උදර්පන නීතිය පිළිබඳ පනතට අදාල නියමයක් ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මේ බව අවධාරණය කලා.

බැඳුම්කර ගණුදෙණුවට අදාලව චෝදනාවට ලක්ව ඇති ප්‍රධාන පුද්ගලයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දෙන ලෙස මේ වන විටත් සිංගප්පූරු රජයට දැනුම් දී ඇති බවයි මුජිබුර් රහුමාන් මහතා කියා සිටියේ.