බැම්මක් කැඩී යාමෙන් සිරවී සිටි 6 ක් ගුවන් හමුදාවෙන් බේරාගනී

November 9, 2018

මුලතිව් අලම්පිල් ජලාශයේ බැම්ම කැඩී යාමෙන් ගලා ගිය ජල කඳට හසුවී සිරවී සිටි පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බේරාගෙන තිඛෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඒ සඳහා යොදාගත් බවයි.

අදාළ ප්‍රදේශය ආශ්‍රිතව තවත් පුද්ගලයින් සිරවී ඇත්දැයි සෙවීම සදහා ගුවන් මගින් විශේෂ නිරීක්ෂණ සිදුකරමින් පවතින බවද ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

මුලතිව් ප්‍රදේශයට ඇද හැලුනු අධික වර්ශාව හේතුවෙනුයි අලම්පිල් ජලාශයේ බැම්ම කැඩී ගොස් තිබුණේ.