බීඩි කොළ 912 Kg සමග දෙදෙනෙක් කොටුවෙයි

2019-03-21 at 09:40

බීඩි කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනි 27 ක රදවා සකස් කර තිබියිදීයි මෙම බීඩි කොළ තොගය සොය ගැණුනේ. මෙම බීඩි කොළ තොගය ඉනදියාවේ සිට ඩිංගි බොට්ටුවකින් මෙරටට ගෙන එන්නට ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ .

සැකකරුවන් මන්නාරම / පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 32 හා 38 යන වියේ පසුවනවා.අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ සැකකරුවන් ඉදිරි පරීක්ෂණ සදහා යාපනය රේගු කාර්යාල වෙත භාර දීමට නියමිතයි.

Please follow and like us: