බෙංගාල බොක්ක කැළඹෙයි – වැස්ස තවදුරටත්

December 6, 2018

ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනෙහි පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේදී මධ්‍යම / නැගෙනහිර / ඌව / සබරගමුව සහ දකණු පළාත් වලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

සෙුස පළාත් වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.