බේරුවල හෙරොයින් තොගයට අදාල තවත් බහුදින ධීවර යාත්‍රාවක් පොලිස් භාරයට

December 7, 2018

බේරුවල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 2778 ක් වටිනා මත්කුඩු තොගය අදාල ජාවාරම්කරුවන්ට ලබාදීම සදහා ප්‍රවාහණය කල තවත් බහුදින ධීවර යාත්‍රාවක් පොලිස් භාරයට ගෙන තිඛෙනවා.

කෙසේවෙතත් එම බහුදින යාත්‍රාවෙන් පැමිණි සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විටත් විශේෂ විමර්ශණ ක්‍රියාත්මක වන අතර පොලිස් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරායේ රඳවා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් කිලෝ 231 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ බේරුවල – බලපිටිය මුහුදු තීරයේදීයි.

බෝට්ටුවකින් ප්‍රවාහණය කරමින් සිටියදීයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

මෙරටදී සිදුකල දෙවන විශාලතම මත්කුඩු වැටලීම මෙය බවයි පොලිසිය සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ නියෝග මත රඳවා ගනිමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරනවා.