මදූෂ් අත්අඩංගුවට ගැනීම රජයේ සාමුහික ප්‍රයත්නයක්

2019-02-12 at 13:07

රටේ සිදුවන යහපත් කරුණු වලදී ජනාධිපතිවරයා පමණක් ප්‍රංශසා කරමින් අයහපත් කරුණු වලදී එක්සත් ජාතික පක්ෂයට පමණක් දෝෂාරෝපණය කිරීම අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම රජයේ සාමුහික ප්‍රයත්නයක් ඔස්සේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ මෙහෙයුමක් බවයි.

යලිත් ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය වන්නේ මන්දැයි මාධ්‍යවේදින් මෙහිදී විමසීමක් කළා.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා.