මහින්ද / මෛත්‍රී විශේෂ හමුවක් ලබන අගහරුවාදා

2020-02-15 at 12:19

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන අගහරුවාදා දිනයේදී සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ ඉදිරි දේශපාලන කටයුතු පිලිබඳ දෙපාර්ශවය අතර මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමට නියමිතව ඇති බවයි.

මහ මැතිවරණයේදී එක්ව තරග කිරීමේදී දැනට උද්ගතව ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවද ඔහු සඳහන් කලා.