මහ කකුලුවන්ගේ වැරදි පූර්වාදර්ශ පොඩි කකුලුවෝත් අනුගමනය කරනවා – එජාපය

2019-03-15 at 15:35

විවිධ චෝදනාවන්ට ලක්වූ ප්‍රභල පුද්ගලයන්ගේ වැරදි පූර්වාදර්ශ හේතුවෙන් අපරාධකරුවන්ද අධිකරණය හමුවේ අයිතිවාසිකම් ඉල්ලා සිටින තත්වයක් උද්ගතව ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරනවා.

මාකදුරේ මධූෂ් නැමැත්තා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඔහුගේ ඥාති කාන්තාවක ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පිළීබද අදහස් දක්වමිනුයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මේ බව කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළා.

නව සන්ධානයක් ගොඩනැගීම පිළීබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන්ද තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රජයේ දේපල අවභාවිත කිරීම ඇතුලු චෝදනා එල්ලවී ඇති පුද්ගයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ විපක්ෂ ඇතුලු කණ්ඩායම එය දේශපාලන පළිගැනීම් ලෙස හදුන්වාදීමට උත්සහ දැරීම පිළීබද කණගාටු වන බවයි.

 දූෂිතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විපක්ෂය දෙබිඩි පිළීවෙතක් අනුගමනය කරන බවටද ඔහු චෝදනා කළා.

චෝදනාවන්ට ලක්වූවන් ආරක්ෂා කරන්නේ කවුරුන්ද සහ නීතිය ක්‍රීයාත්මක කරන ආයතනවලට බලපෑම් කරන්නේ කවුරුන්ද යන්න පිළීබද ජනතාව අවබෝධයකින් සිටිය යුතු බවද තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

Please follow and like us: