මහ බැංකු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හදිසි ක්‍රියාකාරී කාර්යසාධක බලකායක්

2020-11-22 at 08:46

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයකුට කොවිඞ් ආසාධනය වී ඇතැයි තහවුරුවීමත් සමග මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා හදිසි ක්‍රියාකාරී කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

අදාළ ආසාදිතයා හැර අන් කිසි ම නිලධාරියකුට වෛරසය ආසාදනය වී නොමැති බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.

එහෙත් පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස ආසාදිතයා අනාවරණය වූ දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සියලූ දෙනා සති 02 ක කාලයක් නිවසේ සිට රාජකාරි කරන බවයි මහ බැංකුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොර ව අඛණ්ඩ ව පවත්වාගෙන යන බව මූල්‍ය වෙළෙඳපොළ සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටිනවා.