මාගල්කන්දේ සුදත්ත හිමිගේ හෙළිදරව්ව ගැන පොලිසියෙන් පරික්ෂණයක්

2019-08-14 at 15:44

කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා ඇති කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරු සමග එම කොට්ඨාශයේ පොලිස් නිළධාරින් කිහිපදෙනෙකු සබඳකම් පවත්වන බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කර ඇති පැමිණීල්ල සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් යොදවා මෙම පරික්ෂණය පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

පැමිණිල්ලට අනුව යම් පොලිස් නිළධාරියෙකු කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග සබඳකම් පවත්වන බවට මෙම පරික්ෂණයේදී කරුණු අනාවරණ වුවහොත් එම නිළධාරින් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙසද පොලිස් මූලස්ථානය උපදෙස් දී තිඛෙනවා.