මානව හිමිකම් සමුලුවට මුහුණ දෙන්න රජය සූදානමින්

2021-01-28 at 18:19

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලූවට සාර්ථකව මුහුණ දීමට මෙරට රජය සූදානම් වෙමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කලා.

පසුගිය යහපාලන ආණ්ඩව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ ඇති විශ්වාසය බිදදමා තිබීම හමුවේ වත්මන් ආණ්ඩුව බරපතළ අර්බුධ රැසකට මුහුණ පා ඇති බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියා.