මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක් ලබන අගහරුවාදා

2020-02-15 at 12:29

මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන අගහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට අදාළව ඉදිරිපත්ව ඇති ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී විමසා බැලීමට නියමිතයි.

එම පක්ෂයේ ලාංඡනය ලෙස දැනට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ළකුණ භාවිත කිරීමට අවසර දෙන්නැයි ලැබී ඇති ඉල්ලීමද ඒ අතර වනවා.


vulputate, id elementum Sed Aliquam mattis eleifend elit. leo. ultricies