මැතිවරණ නීති කැඩු පිරිස් වලට නඩු දාන්න CMEV මැකො ගෙන් ඉල්ලයි

2019-12-15 at 06:26

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝණය කල පිරිස් වලට එරෙහිව නඩු පැවරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.

එහි සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ එලෙස නඩු පැවරීමට ක්‍රියා කළහොත් එය මැතිවරණ කොමිසමේ නිර්භීත පියවරක් වනු ඇති බවයි.