මැදපෙරදිගින් ඇල්ලූ සැකකරුවන් 5දෙනා CID මූලස්ථානයට

2019-06-14 at 18:42

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණ යටතේ මැද පෙරදිගදී අත්අඩංගුවට ගෙන අද අලුයම මෙරටට ගෙන ආ සැකකරුවන් 5දෙනා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙනවිත් තිඛෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදීයි මැදපෙරදිග රටක සැගව සිටි මෙම සැකකරුවන් 5දෙනා අත්අඩංගුවට ගෙන අද මෙරටට රැගෙනවිත් තිබුණේ.

මෙම සැකකරුවන් 5 දෙනා අතර පසුගිය නොවැම්බර් මාසයේදී වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද වන බවට අනාවරණ වී තිඛෙනවා.

මෙම සැකකරුවන් 5දෙනාද ඇතුලුව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින සැකකරුවන් ගණන 77ක්.

එමෙන්ම ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සැකකරුවන් 25ක් මේ වන විට රඳවා තබාගනිමින් විමර්ශන සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.