මිනිස් ජාවරාමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු මැලේසියාවේදී අත්අඩංගුවට

2019-01-11 at 15:47

මහා පරිමාන මිනිස් ජාවරාමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මැලේසියා පොලීසිය සමත් වී තිඛෙනවා.

සැකකරුවන් මැලේසියාව ඔස්සේ වෙනත් ශ්‍රී ලාංකිකයින් ඇතුළු පිරිසක් ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තයට රැගෙන යාමට උත්සහ දරා ඇති බවයි හෙළිවන්නේ.

එම පිරිස ජාවාරම්කරුවන්ගෙන් නිදහස් කර ගත් බව මැලේසියානු පොලීසිය සඳහන් කළා. ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු වනවා.

පිරිමි 12 දෙනෙකු /කාන්තාවක් 8 දෙනෙකු සහ කුඩා දරුවන් 4 දෙනෙකු ඊට ඇතුළත් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මැලේසියා පොලීසිය පෙන්වා දෙන්නේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් ඇතුළත් ජාලය ශ්‍රී ලංකාව / ඉන්දියාව / ඔස්ටේ්‍රලියා සහ නවසීලන්තය යන රටවල් ඔස්සේ මිනිස් ජාවාරම් මෙහෙයවන බවයි.

Please follow and like us: