මිරිස්වත්ත කොල්ලය : පැහැරගත් රන් හා මුදල් වටිනාකම කෝටි 04 පනී / සැකකරුවන් අල්ලන්න පොලිස් කණ්ඩායම් 05 ක්

2021-01-16 at 06:58

මුහුණු ආවරණ සහිතව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකින් කොල්ල කා පළාගොස් ඇති මුදල් හා ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් කෝටි 04 කට අධික බව අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා තිබෙනවා.

ඊයේ පස්වරුවේ අදාල මූල්‍ය ආයතනයට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු ගිණි අවි පෙන්වා සේවකයන් බිය වද්දා මෙම කොල්ලය සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මේදිනවල කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ඇති බැවින් මූල්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කළා.