මීලග ජනාධිපතිවරණය තීරණාත්මකයි

2019-02-12 at 07:33

මීලග ජනාධිපතිවරණයෙන් පසු රටේ ඉදිරි ගමන් මග තීරණය වනු ඇති බව බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

බණ්ඩාරගම පොදු වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නවෝත්පාදනය මුල්කර ගත් නව ආර්ථික රටාවක් සහ කුසලතාව මුල්කරගත් දේශපාලන වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බවයි.

රට ණය බරින් මුදාගෙන ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙන යන වැඩපිළිවෙලක් ඇති කරන බවයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ.