රටක් වටින කෙනෙක් UNP ජනපති සටනට- මනූෂ

2019-03-21 at 06:17

රටක් ආදරය කරන නායකයෙකු මීලග ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ගාල්ලේදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණයක් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු එම අපේක්ෂයා අනාවරණ නොකරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව සන්ධානයක් ගොඩ නැංවීමට ජනාධිපතිවරයා සූදානම් වීම බරපතල දේශපාලන වරදක් බවයි මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා අවධාරණය කලේ.