මුහුදෙන් නීති විරෝධීව ලංකාවට ආ ඉන්දීය ජාතිකයන් ඇතුලු 5දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

2020-02-15 at 13:37

මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධීව මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයන් තුන් දෙනෙකු හා ඔවුන්ට උපකාර කළ ලාංකිකයන් දෙදෙනෙකු තලෙයිමන්නාරම උතුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

39 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක් / 33 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් හා වයස අවුරුදු 07 ක කුඩා දැරියක් / හා අදාල පිරිස මුහුදු සීමාවේ සිට මෙරටට ගෙන ඒම සදහා ඩිංගි යාත්‍රාවක් රැගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්ද සැකකරුවන් අතර වන බවයි නාවික හමුදාව සදහන් කළේ.

අදාල ශ්‍රී ලාංකිකයන් දෙදෙනා මන්නාරම හා පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

තලෙයිමන්නාරම ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය වෙත රැගෙන ආ එම පිරිස වෙත ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයීමටද නාවික හමුදාව පියවර ගෙන තිබුනා.

සැකකරුවන් හා ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශණ සදහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදී තිබෙනවා.


leo. commodo dapibus felis Phasellus id, Aenean