තවත් කොරෝනා රෝගීන් 337 ක් – දෙවැනි රැල්ලේ ආසාදිතයින් 50,000 ඉක්මවයි

2021-01-19 at 18:30

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා රෝගීන් 337 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 54 දහස් 087 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 774 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට අද (19) දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට කොවිඩ් මරණ 270ක් වාර්තා වී ඇති අතර දෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසු සිදුවී ඇති මරණ ගණන 257 කි.