මෙරට කොරෝනා ආසාදිතයන් 2,642 දක්වා ඉහලට

2020-07-13 at 19:30

මෙරට කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2642 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් ආසාධිතයන් 25 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11ක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයන් 14ක්

ඒ අනුව මෙරට ආසාධිතයන් අතුරින් 650 දෙනෙකු තවදුරටත් මධ්‍යස්ථාන 08 ක ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට ආසාධිතයන් අතුරින් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 1981 ක්.

මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් සංඛ්‍යාව 112 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය කියාසිටියේ.

දැනට මෙරටින් හමුවී ඇති ආසාධිතයන් අතුරින් 830 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් වනවා.