මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 465 කට සුවයි

2020-11-24 at 16:10

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 465 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 14 දහස් 962 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5456 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 337 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 20 දහස් 508 ක්.

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 16 978 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 601 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 90 ක් වාර්තා වී තිබෙනවා.