මෙරට කොරෝනා ආසාධිතයන් 2,816 ට නගී – තවත් 75 කට සුවයි

2020-08-02 at 13:54

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 2816 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ මේ දක්වා තවත් ආසාධියෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 75 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2514 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් 64 දෙනෙකුද / අයි ඩී එච් සහ වැලිකන්ද මූලික රෝහලෙන් 04 දෙනෙකු බැගින්ද / මිනුවන්ගොඩ මූලික රෝහලේ 03 දෙනෙකුද සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවිඞ් ආසාධිතයන් 601 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන තිබෙනවා.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 919 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 45 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 291 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.