මෙරට කොරෝනා රෝගීන් 3,380 තෙක් ඉහළට

2020-10-01 at 06:31

AIR PORT COVID CORONA

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 3380 දක්වා ඉහල ගොස් තිඛෙනවා.

ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 06 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.

ඉන් 03 දෙනෙකු ඕමානයේ සිට පැමිණ තිබුනා. තවත් අයෙකු අමෙරිකාවේ සිට පැමිණ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අනෙක් දෙදෙනා නාවිකයන් වන අතර ඉන් එක් අයෙකු ඕමානයේ සිට පැමිණි ලාංකික නැවියෙකු වනවා.

අනෙක් තැනැත්තා ඕමානයේ සිට පැමිණි ඉන්දීය ජාතික නැවියෙකුයි.

මෙරට සමස්ත ආසාධිතයන් අතුරින් විදේශිකයන් 23 දෙනෙකු ඇතුලූ 137 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 1395 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 38 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ. මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ ගණන 3230 ක්.