මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 646 කට සුවයි

2021-01-13 at 16:12

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 646 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43 267 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6026 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 588 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 49 දහස් 537 ක්.

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 45 දහස් 770 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 652 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 244 ක් වාර්තා වී තිබෙනවා.