මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 480 දෙනෙකු සුවය ලබයි

2021-01-14 at 17:15

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් තවත් 480 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43 747 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6235 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 692 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 50 දහස් 229 ක්.

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 46 දහස් 457 ක් ලෙසයි.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 741 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 247 ක් වාර්තා වී තිබෙනවා.