මෙරට මුහුදේ මසුන් මැරූ ඉන්දී්‍ය ධීවරයන් රිමාන්ඞ්

2019-08-14 at 08:01

මෙරට උතුරු මුහුදු සීමාවේ අනවසරයෙන් ධිවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු ලබන 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. නාවික හමුදාව විසින් මෙම ධිවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබුනේ පෙරේදා දිනයේදීයි.

ඔවුන් අවුරුදු 18 ත් 47 ත් අතර වියේ පසුවනවා. මෙම ධිවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරිමෙන් අනතුරුවයි ඉදිරි විමර්ශණ සදහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදෙනු ලැබුවේ.

මේ අතර යාපනයේ කරෙයිනගර් මුහුදු සීමාවේදි අනවසරයෙන් ධිවර කටයුතු වල නිරත වූ තවත් ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට දිනයේදී යාපනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.