මෙවර දළදා කරඩුව වැඩම කරවීමේ භාග්‍ය කතරගම වාසනාට

2019-08-14 at 16:56

අද රාත්‍රියේ පැවැත්වෙන ඓතිහාසික ඇසල මහා පෙරහරේ සධාතුක කරඩුව වැඩමකරවීම සඳහා කතරගම වාසනා හස්තියා තෝරාගෙන තිඛෙනවා.

සිංහ රාජා සහ මියන් රාජා හස්තීන් දෑලේ ඇතුන් ලෙස ගමන් කරන බවයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රකාශකයෙකු නිවුස් රේඩියෝවට සඳහන් කළේ.

පසුගිය වසරේ සධාතුක කරඩුව වැමකරවූ නැඳුන්ගමුවේ රාජා හස්තියා රෝගී තත්වයක් හේතුවෙන් මෙවර පෙරහර මංගල්‍යය සඳහා සහභාගී කරවූයේ නැහැ.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අදයි.  රාත්‍රී 8 පසු වී විනාඩි 5ට යෙදී ඇති සුබ මොහොතින් පෙරහර  වීථී සංචාරය කිරීමට නියමිතයි