යාපනය හා මුලතිව් අධිකරණවලිනුත් මහවිරු සැමරුම් තහනම් කෙරේ

2020-11-25 at 16:16

යාපනය මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශයේ සහ කෝපායි ප්‍රදේශයේ එල් ටී ටී ඊ සැමරුම් පැවැත්වීම වළක්වාලමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිව්ස් රේඩියෝවට කියාසිටියේ ලබන 29 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත් කර ඇති බවයි.

එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය විසින්ද මීට පෙර ලබාදී තිබූ මෙවැනිම නියෝගයක් අද නැවතත් නිකුත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලා.

අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේයි මෙම නියෝග ලබාදී ඇත්තේ.

වගඋත්තරකාර පාර්ශවයන්ට පමණක් නොව පොදු මහජනතාවටද එය අදාළ වනු ඇති.

ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට සූදානම් වන බව කියන එල් ටී ටී ඊ මහ විරු සැමරුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනුයි පොලිසිය විසින් මෙම වාරණ ලබාගෙන ඇත්තේ.

නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන්ද අද අධිකරණ හමුවේදී කරුණු දක්වා තිබුණා.