යුද හමුදාපතිට අමරිකාව දැමූ තහනම යටි අරමුණින් කළ දෙයක් – පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

2020-02-15 at 15:18

අමරිකාව විසින් විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එල්ලකරන බලපෑම් දැඩිව හෙළාදකින බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කරනවා.

යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමරිකාවට ඇතුලුවීම තහනම් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අස්ගිරි මහ විහාරයේදී අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි උන්වහන්සේ මේ බව අවධාරණය කළේ.

අහිතරක ගිවිසුම්වලට එළඹීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කිරීම හමුවේ අමරිකාව විසින් ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් කරමින් සිටින බවත් යුද හමුදාපතිවරයාට එරෙහිව පැනවූ තහනමද කිසියම් යටි අරමුණක් ඇතිව සිදුකළ එකක් බවත් අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දුන්නා.

ජාත්‍යන්තරය හමුවේ රටට එල්ලවන අභියෝගවලදී ජාති ආගම් භේධයකින් තොරව මෙරට සියලුම ජන කොටස් එකමුතුවී එම අභියෝග ජයගත යුතුව ඇති බවයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කළේ .


dapibus ipsum eleifend suscipit in sem,