රංජන්ගේ මන්ත්‍රීධුරය වෙනුවෙන් නීතිමය පියවර තවදුරටත්

2021-04-08 at 06:40

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට එරෙහිව තවදුරටත් නීතිමය පියවර ගතහැකිදැයි සොයාබලමින් සිටින බව සමගි ජන බලවේගය පවසනවා.

රංජන් රාමනායක මහතාට අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට එරෙහිව අඛණ්ඩව පෙනී සිටිය යුතුය යන්න පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ස්ථාවරය වී තිඛෙනවා.

මේ ඒ පිළිබඳ නිවුස් රේඩියෝවට කරුණු පැහැදිලි කල සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා.