රංජන් ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි නොවන බවට නීති තර්කයක්

2021-01-13 at 18:47

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි නොවන බවට නීති තර්කයක් ඉදිරිපත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන දක්වමින් ඔහු මෙම පැහැදිලි කිරීම සිදුකලේ පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

ආණ්ඩුව ප්‍රකාශ කරන සහල් මිල ගණන් වෙළඳපොලේ කිසිදු දිනෙක දැකගත නොහැකි බවයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.

සහල් මිල පාලනය සම්බන්ධයෙන් කෙතරම් ගැසට් නිවේදන නිකුත් වූවද මිල පාලනය කර ගැනීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇති බවයි හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.