රට යන අය අද සිට PCR වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්යයි

2020-10-18 at 06:52

අද පස්වරු 6 න් පසු මෙරටින් විදෙස් ගතවන සියලුම ගුවන් මගීන් පිටත්වීමට නියමිත වේලාවට පැය 72 කට තුල ලබාගත් පී සී ආර් පරික්ෂණයක් හරහා ඔවුන්ට කොවිඞ් වෛරසය වැළඳී නොමැති බව තහවුරු කිරීම අනිවාර්යය වනවා.

පවතින අවදානම් තත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.